javascript hit counter

ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතා රුවන්වැලි මහා සෑය ඉදිරිපිට දිවුරුම්  දෙන්න ‍තෝර ගත්තේ ඇයි ?

ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතා රුවන්වැලි මහා සෑය ඉදිරිපිට දිවුරුම්  දෙන්න ‍තෝර ගත්තේ ඇයි ?

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පසුගිය නොවැම්බර් 18 වැනිදා දිවුරුම් දෙනු ලැබුවේ මෙරට දේශපාලන වංශ කතාවේ සුවිශේෂි කඩයිමක්ස නි‍ටුවහන් කරමිනි..ඒ ඓතිහාසික අනුරාධපුරයේ දිවෘම් දුන් පළමු ජනාධිපතිවරයා ලෙස තම නාමය ඉතිහාසයට එක් කරමිනි.. අලුත් ජනාධිපති දුවුරුම් දෙන්න  රුවන්වැලි සෑය සහ දු‍ටු ගැමුණු පිළිමෙයි  ‍තෝරා ගත්තේ යැයි ගොඩක් දෙනෙක්ට පුදුමයට පත් විය,මන්ද මීට පෙර එතුමා කිසිම දේශපාලන වේදීකාව හෝ මාධ්‍යට මේ ගැන පවසා නැත..

කොළඹින් පිටත ජනාධිපති වරයෙකු  දිවුරුම් දීමේ උත්සවයක් මීට පෙර සඳහන් වන්නේ එකම වතාවක් පමනි,ඒ 1988 ජනාධිපතිවරණය ජයගත් රණසිංහ ප්‍රේමදාස මහතා කොළඹින් බැහැරව  තම දුවුරුම් දීම සිදුකර ඇත්තේ මහනුවර දළදා මාළිගාවේ පත්තිරිප්පුව මතය..

ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා තැන්පත් , වසර දහස් ගණනක් පුරා රහතන් වහන්සේලා පා පහසින් පාරිශුද්ධත්වයට පත් වූ රුවන්වැලිසෑය ශ්‍රී ලංකාවේ වඩාත්ම පූජණීය දාගැබ වේ..අප්‍රමාණ පිංකම් සිදුවන නිසාත් , නොපෙන හාස්කම් බහුලව සිදුවන පිංකෙතක් බදු රුවන්වැලි සෑය තමන්ගේ දිවුරුම් දීමේ උත්සවය පැවැත්වීම එතුමා සුදුදු යැයි ‍තෝරා ගැනීමට හේතූ තවත් අවශ්‍ය නොමැත..

බොහෝ  දේශපාලනඥයන්  බෞද්ධයින් වුවත්  ගෝඨාභය රාජපක්ෂ මහතා  ඊට බොහෝ වෙනස් චරිතයක්  බව අප සියලු දෙනා දන්නා කාරනයකි..විවිධ පිංකම් සහ ආගමික වතාවත් වල නිතර යෙදෙන එතුමා බෞද්ධ දර්ශනය ජීවිතය සමග ගලපා ගත් කෙනෙකි.ජනාධිපතිවරනයට දින කිහිපයක් තිබියදීද එතුමා රුවන්වැලි මහා සෑය වන්දනා කරන්නට අමතක නොකරේය.. එදින සිතූ පැතුමක් මෙලස ඉටූ වූවා පුලුවනි.මන්ද රුවන්වැලි මහා සෑයේ ඇති හාස්කම් අප සියලු දෙනා අසා ඇති නිසාය..

දු‍ටු ගැමුණු මහරජ පිළිරුව ඉදිරියේ සම්බුද්ධ ශාසනය මෙන්ම මෙරට මුළු මහත් ජනතාවම ‍රැක ගන්නා බවට එතුමා එදින ප්‍රකාශ කරන ලදි..මෙම දිවුරුම් දීම බොහෝ දෙනෙක්ගෙ නෙතට කඳුලක් පවා නැගුනේ ගැමුණු කුමරුන් නැවත රාජ පදවියට පත් වූවා යැයි හැඟීමක් ඇති කරමිනි.රුවන්වැලිමහා සෑයේ දිවුවුම් දීම පිලිබඳව රටේ ජනතාව මෙන්ම සංගරත්නයේද ආශිර්වාදයට පාත්‍ර විය..

ආරංචි මාර්ග අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දීමේ උත්සවය සංවිධානය කර ඇත්තේ පැය කිහිපයක් ඇතුලතය.. මන්ද එතුමා ජනාධිපතිවරනය ජයගතහොත් එම ස්තානයේ දිවෘම් දෙන බව ඉගියක්වත් ප්‍රකාශ කර නොතිබූ නිසාය..එනම් මෙය තීරණය කර ඇත්තේ  ජයග්‍රහණය කිරීමෙන් පසුවයි.. අනුරාධපුර ප්‍රධාන නායක ස්වාමීන් වහන්සේට මේ පිළිබඳව දැනුවත් කීරීමත් සමග  උන් වහන්සේගේ ආශිර්වාදයෙන් සහ උපදෙස් මත මෙම උත්සවය සංවිධානය කර ඇත.. උත්සවය ඡායාරූප වලින් නැරඹූ ඔබට මෙය පුදුම සහගත දෙයක් යැයි වැටහෙනු ඇත මන්ද මෙතරම් කුඩා වෙලාවකින් මෙවැනි  උත්සවයක් සංවිධානය කිරීම ද ආශ්චර්යකි.

ඉතාමත් චාම් උත්සවයක් වූවත් එය කාගෙත් හිත් දිනාගැනීමට හැකි විය.දිවයිනේ නන් දෙසින් පැමිණි පිරිස් මෙම උත්සවය නැරඹීමට පැමිණ සිටියේ මහත් ආශවකිනො.ජනාධිපති ධූරයේ දුවෘම් දීම සඳහා වූ නැකත  යෙදී තිබුනේ පෙරවරු 11.48ටය.. පිරිත් සජ්ඣායනා මධ්‍යයේ , මෙවන් අසිරිමත් පිංබිමක  7 වැනි ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතා තම නාමයද ඉතිහාසයට එක් කරන ලදි.

admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *