javascript hit counter

දිසා කමිටුවලට වැයවන මුදල් සීමාකර ප්‍රතිලාභ ග්‍රාමීය ජනතාවට ලබා දෙන්න

දිසා කමිටුවලට වැයවන මුදල් සීමාකර ප්‍රතිලාභ ග්‍රාමීය ජනතාවට ලබා දෙන්න

දිස්ත්‍රික් කමිටු සඳහා වැයවන මුදල් සීමාකොට ඉන් ලැබෙන ප්‍රතිලාභ ග්‍රාමීය ජනතාවට ලබාදෙමින් ඔවුන්ගේ ආර්ථික හැකියාව ශක්තිමත් කිරීම සඳහා නව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කරයි.

ඒ ඒ ප්‍රදේශයන්හි සංවර්ධනය මෙන්ම ජනතාවගේ ආර්ථික මට්ටම ඉහළ නැංවීම අරමුණු කරගත් නව වැඩසටහන් හරහා සෑම ක්ෂේත්‍රයක් සඳහාම විශේෂ අවධානය යොමු කෙරෙන අතර ජනාධිපතිවරයා අදාළ අංශය පුළුල් වශයෙන් නිරීක්ෂණයට ලක් කෙරේ. සංඛ්‍යා ලේඛන අනුව දුප්පත් ග්‍රාමයන් මේ සඳහා තෝරා ගන්නා අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම තෝරා ගැනීම සිදුකර එම ප්‍රදේශයන් වෙත ගොස් පවතින තත්ත්වයන් සහ දියුණු කළයුතු අංශයන් සම්බන්ධයෙන් අවධානය යොමු කරයි.

ඒ අනුව මේ වැඩසටහනේ මුල් පියවර වශයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ දුප්පත්ම ග්‍රාමයක් වන උඩුගම, හෝමාදොළ, කොතලාවලපුර ග්‍රාමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්ම තොරා ගන්නා ලද අතර එහිදී පැවැති සාකච්ඡාව ආරම්භයේ දී දිස්ත්‍රික්කයේ නගර, ග්‍රාමීය ආර්ථික සංවර්ධන සහ ආපදා කළමනාකරණ සැලසුම් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරිණ. දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන දේශපාලන, සමාජ, ආර්ථික ගැටලු ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුකරන ලද අතර දුඟීබව තුරන් කිරීම, සැමට නිරෝගීමත් දිවියක් මෙන්ම මනා අධ්‍යාපන පසුබිමක් සැකසීම, කෘෂි හා ධීවර ක්ෂේත්‍රයන්හි කඩිනම් සංවර්ධනය පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරිණි.

මෙහිදී ජනතාව ඉදිරිපත් කරන ගැටලු වෙනුවෙන් වැඩි අවධානයක් යොමුකරන අතර එහිදී ජනතාව මුහුණ දෙන ප්‍රශ්න සම්බන්ධයෙන් ඔවුන් විසින්ම ජනාධිපතිවරයාට කරුණු ඉදිරිපත් කිරීමෙස් අවස්ථාව උදාකර දෙයි. මෙම සාකච්ඡාවේ දී ප්‍රදේශයේ පැණ නැගී ඇති ජල හිඟයට කටුපොල් වගාව බෙහෙවින් බලපා ඇති බව අනාවරණය වූ අතර ඒ පිළිබඳ විධිමත් පාරිසරික අධ්‍යයනයක් වහාම සිදුකරන ලෙස ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. එහෙත් පරිසරයට හානියක් සිදුවන්නේ නම් ලාභයෙන් ඵලක් නොවන බව පෙන්වාදෙන ජනාධිපතිවරයා වහාම කටුපොල් වගාව නතර කිරීමට පියවර ගන්නා ලෙස ද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ඊට අමතරව රබර් වගාව කෘෂිකර්මාන්තයක් ලෙස නඟා සිටුවීමට පියවර ගන්නා ලෙස මෙහිදී ප්‍රදේශයේ ජනතාව ඉල්ලීමක් කරන ලද අතර එය දිරි ගැන්වීම පිණිස රබර් ආනයනය වහාම නතර කිරීම සම්බන්ධයෙන් ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු විය.

ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පාසල්වල පවතින ඉංග්‍රීසි ගුරු හිඟය පිළිබඳව ප්‍රදේශයේ දේශපාලනඥයෝ ජනාධිපතිවරයාගේ අවධානය යොමුකළ අතර කඩිනමින් එම පුරප්පාඩු පිරවීමටත්, ගණිත විද්‍යා විෂයන් ඉගැන්වීමට අවශ්‍ය ගුරුවරු මෙන්ම ක්‍රමවේදයන් විධිමත් කිරීමටත් උපදෙස් දුන්නේය. මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර බිහි කිරීමේ අරමුණ ක්‍රියාවට නංවමින් නව තාක්ෂණය මඟින් කාලීනව ඉංග්‍රීසි, ගණිත විද්‍යා විෂයන් ඉගැන්වීමට පසුබිම සකසන්නැයි ද හෙතෙම පැවසීය.

දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී මතු කෙරුණු ඇතැම් ගැටලුවලට ඒ මොහොතේම විසඳුම් ලැබුණු අතර උඩුගම රෝහලට ජල බවුසරයක් සැපයීම, විදුහල්පතිවරු නැති පාසල්වලට විදුහල්පතිවරු පත්කිරීම, සුළු පරිමාණ ජල සම්පාදන ව්‍යාපෘති සඳහා හිඟ මුදල් සම්පාදනය ඒ අතර විය. දීප ව්‍යාප්තව පැවැත්වෙන් දිස්ත්‍රික් කමිටු රැස්වීම් මාලාවට සමගාමීව පරිසර දූෂණය අවම කිරීමේ අරමුණින් පැල සිටුවීමේ වැඩසටහනක් ද ජනාධිපතිවරයාගේ සංකල්පයක් මත ක්‍රියාවට නංවා තිබෙන අතර ගාල්ල දිස්‍ත්‍රික්කයේ පැල 300ක් සිටුවීමේ වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විහාරස්ථාන භූමියේ පැළයක් රෝපණය කෙළේය.

News – Dinamina

admin

One thought on “දිසා කමිටුවලට වැයවන මුදල් සීමාකර ප්‍රතිලාභ ග්‍රාමීය ජනතාවට ලබා දෙන්න

  1. We are really impressed the way Gota act.
    When he follow up the activities, those have big impact to the general public , the relevant government officers are on alert.
    Don’t let Provincial council leaders to waste money on unnecessary comfort of them.
    Eg. Spend million s Rupees on chairs on Western Provincial office.
    These type of stuff make general really angry and 99% of the Blame goes to President for keeping quite and let them carry on.
    We need Gota a attention on them.
    We always are ready to support you Sir.
    Jaya weva!
    .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *